අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරගලය ව්‍යවස්‌ථානුකූල අරගලයක්, ජන අරගලයක් සහ අධිකරණ අරගලයක් ලෙස අරගල තුනක් ඔස්‌සේ ඉදිරියට ගෙන යාම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (19) පැවැසීය.
ව්‍යවස්‌ථානුකූලව සහ අධිකරණය මගින් මෙය පළමුව විසදගන්න උත්සාහ කරන බවත් ඉන් නොහැකි වුවහොත් මහා ජන අරගලයක් බවට එය පත්කරන බවත් හෙතෙම කීවේය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (19) එම අදහස් පළ කළේ පාර්ලිමේන්තු කමිටු කාමරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

