ශ්‍රී ලංකන් ගුවන් සේවය කාපු මහින්දගේ මස්සිනා නිශාන්ත ගම ඉල්ලා පොහොට්ටු වේදිකාවේ

ශ්‍රී ලංකන් ගුවන් සේවය කාපු මහින්දගේ මස්සිනා නිශාන්ත ගම ඉල්ලා පොහොට්ටු වේදිකාවේ
Spread the love

නිශාන්ත වික්‍රමසිංහ යනු කවුද ?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනාය. ශිරන්තිගේ මල්ලීය. පැවති රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාය. හරි හමන් අධ්‍යාපනයක් හෝ නොලද ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කෙරුනේ මහින්දගේ අනුහසිනි. එතැන් පටන් තමන්ගේ ඒකාධිකාරය ගුවන් සේවය පුරා පැතිරූ නිශාන්ත වික්‍රමසිංහ සල්ලාල පුද්ගලයෙකි. ගුවන් සේවිකාවන් හා ඇසුර නිසාම සිය අන්තහ්පුර ආශ්වාදය නිරතුරුව වින්දේය. ඔහුට වෙන් වූ වෙනමම පිරිසක් ඒ සඳහා වෙන් වී සිටියේය. එය සියල්ල දන්නා කරුණකි.

ලක්ෂ ගණන් වටිනා රොලෙක්ස් අත් ඔරලෝසු පැළඳ විදේශ සංචාර යමින්, කාන්තාවන් ඇසුරු කරමින් ඔහුගත කල කුමාර දිවියට වෙන්කලේ ජනතා මුදල්ය. ඒ කාලය තුල කෝටි ගණනින් ගුවන් සේවය පාඩු විඳිද්දී සභාපතිවරයාගේ ක්‍රියා කලාපය දැක දැක මහින්ද නිහඬව සිටයේ මස්සිනා වන බැවිනි. නිශාන්තලාගේ ක්‍රියාකලාපයන් අනුව ඇමතිවරුද මහින්ද සමග අමනාප වන්නට හේතුවක් විය.

අද වන විට නැවතත් බලය ඉල්ලා නිශාන්තලා පොහොට්ටුවේ වේදිකාවට ගොඩවී ඇත. ඒ හරහා නැවත රටේ බලය අල්ලා සුපුරුදු දූෂිත ජීවිතය ගත කිරීමට, සල්ලාල ජීවිතය ගත කිරීමට අවස්ථාව ඉල්ලනවා ඇත. ගමේ අපේක්ෂකයන්ගේ කරපිටින්ගොස් බලය ලැබුනු පසු ඔවුනට කොකා පෙන්වන නිශාන්තලා වැනි සල්ලාලයන් පොහොට්ටුව ප්‍රවර්ධනය කරන්නේ නම් රටේ ජනතාවට නැවතත් සොරිම වනු ඇත.