පොලිසියෙන් ගැසූ රු.30000ක ලොකු දඩයට ප්‍රයිවට් බස් නොසන්සුන්

Spread the love

පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කළ යාපනය කොළඹ , මන්නාරම කොළඹ , අනුරාධපුර කොළඹ යන දුර ගමන් සේවා බස් රථ වලට  ආසන ගණනට වඩා සෙනග පැටවූ බස් රථ සඳහා දඩ කොළ නිකුත් කර තිබුණා. එයට විරුද්ධව  බස් රියදුරන් හා කොන්දස්තරවරුන් උද්ගෝෂණයක නිරත වූ නිසා එම මාර්ගය තුල පැය 4ක පමණ මාර්ග අවහිටර්හාවක් සිදු උනා..

අද (21) උදේ 8.30 ට පමන ආරම්භ වු මෙම විරෝධතාවය දහවල් 10 .30 දක්වා පැවතුන අතර මෙහිදි දුර ගමන් සේවා බස් රථවල රියදුරන් පවසා සිටියේ මෙසේ වැඩි පුර බස් රථවල රැගෙන එම සිදුවුයේ කළාඔය සිට පුත්තලම දක්වා පමනක් ගමන් කරන මගින් බවත් වෙනත් ප්‍රවාහන සේවයක් නොමැති නිසා දෛනිකව මෙසේ මෙම මගින් රැගෙන එම සිදුකරන බවයි.

එසේම රියදුරන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම මගින් රැගෙන එම නවතා දැමුවහොත් තම බස් රථ එම ප්‍රදේශ පසු කරමින් ගමන් කරන විටදි විවිධ ගැටළු කාරි තත්වයන්ට මුහුණ දිමට සිදුව ඇති නිසා ඉතා අඩු මුදලකට මෙම මගින් රැගෙන එම සිදුවන බවයි.

එසේ තිබියදි රථවාහන පොලිස් නිළධාරින් මේ ආකාරයට අසාධාරණ ලෙස රුපියල් 20000, 30000 , අධික දඩ මුදලක් සහිත දඩ කොළ නිකුත් කිරිමේන් තම රැකියා කරගෙන යාමට නොහැකි වි තිබේන බවයි. එම නිසා මෙයට විරෝධය පා අද උදෑසන වු සිද්දියට මෙසේ විරෝධය පෑමට සිදුවු බවද ඔවුන් පවසයි.

මෙහිදි බස්රථ වල ගමන් කල මගින් දැඩි හඩින් පවසා සිටියේ තමන්ට මෙම මාර්ගයේ ගමන් කිරිමට වෙනත් පොදු ප්‍රවාහන ක්‍රමයක් නොතිබිම නිසා මෙම බස්රථවල ගමන් කිරිමට සිදුව තිබියදි ඒ කිසිවක් සොයා නොබලා රථවාහන පොලිස් නිළධාරින් දඩ නිකුත් කිරිම අසාධාරණ බවයි.

කෙසේ නමුත් පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුනවර්ධන මහතා ඇතුළු 30 කට ආසන්න නිළධාරින් පිරිසක් පැමින සිද්දිය සමතයකට පත් කිරිමට විශාල උත්සහයක් ගන්නා අයුරු දැක ගත හැකි විනි.

එහිදි රියදුරන් හා මගින් එක හඩින් පවසා සිටියේ අද දවසේ නිකුත් කල දඩ මුදල් අවලංගු කර රියදුරු බලපත්‍ර නැවත ලබා දෙන්නේනම් විරෝධතාවයෙන් ඉවත් වන බවයි.

ඒ සදහා යම් එකගතාවයක් දැක්වු පුත්තලම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සියලුම රියදුරන්ට පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයට පැමිනෙන ලෙස ට දැන්වු අතර ඉන් පසුව විරෝධතාවයෙන් ඉවත් විමට සියලු දෙනා එකගතාවය පල කර තිබුණි.