පුත්තලමට නැවතත් නියං තත්වයක අවධානමක්

Spread the love

පුත්තලම දිස්ත්‍රික්කය පුරා දැනට පවතින නියං තත්වය ඉදිරියටත්  පැවතුන හොත් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල මුලාශ සිදි යාමේ අවධානමක් පවතින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම්.එන් චිත්‍රානන්ද මහතා කියයි.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ නියං තත්වය දරුණු වෙමින් පවතින බවත් දැනට ජලය ලබා ගන්නා ළිංවල ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවෙමින් පැවතිම නිසා ඉදිරියේදි වැසි නොලැබුනහොත් එම ළිං වලට ජලය ලැබෙන ජල මුලාශ සිදි යාමේ දැඩි අවදානමක් පවතින බව හෙතෙම කියයි.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 16 න් 13 ක ග්‍රාම නිළධාරි වසම් 132 ක් තුළ පවුල් 26418 ක සාමාජීකයින්  92449  පිඩාවන්ට පත්ව ඇති බව ඒ මහතා පවසයි.එය පසුගිය සතියට වඩා වැඩි වී ඇතැයි පැවසේ.

ජල බවුසර් යොදා ගනිමින් ජලය බෙදා හැරුනද දැනට ජලය ලබා ගන්නා ළිං තුළද ජල මට්ටම අඩුවිම බරපතල තත්වයක් බව ඒ මහතා පවසයි.

[rns_reactions]