70 වැනි නිදහස සමරන්න රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු ලංකාවට

70 වැනි නිදහස සමරන්න රැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු ලංකාවට
Spread the love

70 වැන නිදහස් සැමරුම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස වෙසෙක්ස් හි අර්ල්වරයා වන දෙවෙනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන් ද වන එඩ්වඩ් කුමරු රැජින නියෝජනය කරමින් මෙම උත්සවයට සහභාගි වීමට නියමිතව ඇත.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණෙන බවත් ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.