70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී

70 වෙනි නිදහස් සමරු ක්‍රිකට් තරඟාවලිය දෝහා කටාර් හිදී
Spread the love

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උප නායක, වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකර මාර්තු මස 16 වන දින දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී විමට නියමිත බව ආරංචි වේ.

කටාරයේ ප්‍රධාන පෙලේ ශ්‍රීලාංකික සවිධානයක් වන SSC ක්‍රීඩා සමාජය (Sri Lankan Sports Club, Doha Qatar) විසින් අති සාර්ථක ලෙස 21 වෙනි වරටත් සංවිධානය කරන මෙම සැහැල්ලු පන්දු තරගාවලිය සදහා ප්‍රබල ශ්‍රීලාංකික කණ්ඩායම් 20 ක් තරග වැදීමට නියමිතය.

මෙවර තරග මාලාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටාර් රාජ්‍යයේ ගරු තානාපති A.S.P. ලියනගේ මහතා සහභාගී වන අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර සහභාගි වේ.

70th SSC Independence Cup 2018 ලෙස නම් කර ඇති මෙම සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය මාර්තු මස 16 වන දින කටාර් රාජ්‍යයේ Indian Ideal Ground (Near Midmac R/A) ක්‍රීඩාංගනයේදී උදෑසන 6.30 සිට රාත්‍රී 10.00 දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. එදින පැමිණෙන සියලුම දෙනා හට අවශ්‍ය සියලුම අහාරපාන , පානීය ජලය, සිසිල් බීම ඇතුළු සියලුම පහසුකම් නොමිලයේ ලබා දීමට SSC සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන , පදක්කම් , අගල් 40 LED රූපවාහිනී , හෝම් තියටර් , ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ , මයික්‍රෝවෙව් ඇතුළු වටිනා ත්‍යාග රැසක් සූදානම් කර ඇති බව වාර්තා වේ.

පැමිණෙන සියලුම නරබන්නන් හට ජනප්‍රිය ක්‍රීඩක නුවන් කුලසේකර හමුවීමට හැකි අයුරින් ඉඩ කඩ සලසා දිමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වන බව දැන ගැනීමට ඇත.