පොළොන්නරුව හිඟුරක්දමන මහා විද්‍යාලයේ මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යවකට සති දෙකකට බළපැවැත්වෙන පරිදී පන්ති තහනමක් ලබා දීමට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතුකර ඇත. පාසලේ විනය මණ්ඩළයේදී ඊට අදාල චෝදනාව වශයෙන් ඔහු දක්වා ඇත්තේ, තමන් මෙකී ශිෂ්‍යාවගේ දෙමව්පියන් හට ඇගේ වෛද්‍ය වාර්තාවක් ගෙන එන්නට යැයි පැවසූ බවත් ඔවුන් එසේ කිරීමට අසමත් වූ නිසා මෙය ප්‍රතික්ෂේප කළ බවත් ය.
ඉකුත් මස 19 වන දින මෙකී ශිෂ්‍යාව විසින් පාසල් කාලය නිමාවී අමතර නැටුම් පන්තියක් උදෙසා පාසලේ ඇගේ පන්ති කාමරයට වී රැඳී සිට ඇත. මෙහිදී විදුහල්පතිවරයාට මේ සම්භන්ධයෙන් සැකයක් පැමිණ ඇත්තේ පාසල් භූමිය අවට ශිෂ්‍යයන්ද ඒ මොහොතේ රැඳී සිට අති නිසාත්, මීට පෙර ඇගේ ප්‍රේමවන්තයාගෙන් ලැබුණු ලියමනක් ඇය සන්තකයේ තිබී හමුවූ නිසාත් ය. ලියුමක් හමුවීම සහ පාසල් කාලයෙන් පසුව අමතර පන්තියක් සඳහා පාසලේ රැඳී සිටීම හුදෙක් ලිංගික ක්‍රියාවක් සඳහා යොමුවීමක් ලෙස අර්ථගන්වා , එම බොළඳ තර්කය මත පදනම්ව ඇගේ අධ්‍යාපන දිවියම විනාශ කළ මෙකී මොට්ට විදුහල්පතිවරයා යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන බව මගේ හැඟීමයි. එහෙයින් , යෞවනත්වයේ පසුවන දුවා දරුවන්ගේ හැඟීම් තේරුම් නොගෙන , ඒඅනුව යමින් ඔවුන්ගේ සම්පූර්ණ අනාගතයම අඳුරට ඇද දමන වෙවැනි අඳබාල විදුහල්පතිවරුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන්ට විරුද්ධව පරිපාලන මට්ටමින් නීතිය ක්‍රියාත්මක වියයුතු නොවේද ?
[rns_reactions]

