පාසලේ වැටී බරපතල තුවාල ලැබූ 12 හැවිරිදි සිසුවා තනියම රෝහලට යයි- ගුරුවරු කිසිවෙක් සහයට ඇවිත් නෑ

Spread the love
ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු පාපන්දු පුහුණුවිම් කටයුතු වල නිරතව සිටිය දී වැටී බරපතල ලෙස තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. 

ඊයේ (01) පස්වරු 2.15 ට පමණ එම පාසලේ හත්වන වසරේ අධ්‍යාපනය ලබන ලිනාල් මිතිල රණවිර (12) සිසුවා පුහුණූවීම් කටයුතු වල නිරතව සිටින අවස්ථාවේ පාසලේ ළිද අසල වැටී බරපතල ලෙස තුවාල ලබා එම සිසුවාම ප්‍රතිකාර ලබා ගැනිමට ත්‍රිරෝද රථයකින් ගිනිගත්හේන රෝහල වෙත ගොස් ඇත.

රෝහලට ගිය සිසුවාගේ තත්ත්වය බරපතල නිසා එම සිසුවා නාවලපිටිය මුලික රෝහලටත් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව එම සිසුවාගේ මව වන ගිනිගත්හේන පදුපොළ පදිංචි ඩිබිලිවි.ඒ තනුජා මහත්මිය පැවැසීය.

තම පුතා වැටීමෙන් මුඛයේ ඉදිරි පස දත් දෙකක් ගැලවි තවත් දත් කිහිපයක් මුඛයේ විදුරුමස් තුළට ඇතුළුවි ඇති බව සිසුවගේ මව පැවැසීය.

තුවාල ලැබු පුතාගේ තත්ත්වය බරපතල නිසා අද (02)දිනයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි ඔහු ශෛල්‍ය කර්මයකට ද භාජනය කළ බව සිසුවාගේ මව පැවැසය.

තම පුතා වැටී මෙසේ බරපතල තුවාල ලබා සිටියේදි ඒ පිළිබදව අනෙකුත් සිසුන් විසින් එම විදුහලේ විදුහල්පතිවරයාට සහ ආචාර්යය මණ්ඩලයට හා පුහුණු කරුට දැනුම් දුන්නද ඔවුන් කිසිවකුත් තම දරුවා රෝහල් ගත කිරිමට ක්‍රිය නොකළ බව ද ඇය පැවැසීය.

මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් විමසූ විට තමාගේ පුතා පාසල් දග සිසුවෙකු බවත් ඔහු පාලනය කිරීමට නොහැකි බවත් විදුහල්පතිවරයා විසින් පැවසු බව ඇය පැවැසීය.

මේ සම්බන්ධයෙන් තමන්ට විධිමත් පරික‍ෂණයක් අවශ්‍ය බවද ඩිබිලිවි.ඒ තනුජා මහත්මිය අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

 [rns_reactions]