මෙතන පිස්සෙක් වගේ හැසිරෙන්න එපා දප්පුලට කොමිසමෙන් තරවටු

Spread the love

රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැදුම්කර කොමිසමේ කටයුතු මෙහෙයවන වැඩ බලන නීතිපති අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට ජනාධිපති කොමිසමේ විනිසුරුවන් විසින් තරයේ අවවාද කරනු ලැබීය.

අධිකරණයෙන් යම් නියෝගයක් දුන් පසුව සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් නීතීඥවරුන් එම අධිකරණයටම කරුණු ඉදිරිපත් නොකරන බව පෙන්වාදුන් බැදුම්කර කොමිසමේ විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම සදහන් කලේ දප්පුල ද ලිවේරා මහතාගේ හැසිරීම ජේෂ්ඨ නීතීඥයකුගේ හැසිරීමට තරම් නොවන බවය. මින් ඉදිරියට එසේ හැසිරියහොත් තීරණයක් ගැනීමට සිදුවන බවද ඔවුහූ දප්පුල මහතාට අවවාද කලහ.