ක්වොන්ටම් පරිගනක නුදුරේම…. (Video)

Spread the love

GOOGLE හා NASA ආයතනයත් එක්ව ක්වොන්ටම් තාක්ෂණය ගැන සරලව ඉදිරිපත් කරන ලද්දකි.මෙහිදී නාසා ආයතනය දැනටමත් භාවිතා කරන D-Wave Quantum Computer ගැනත් ඉතා පැහැදිලිව සඳහන් වෙනවා.

1940 දී පමණ පරිගනක සංකල්ප පඅමිණීමේ සිට මේ වන තුරු වූ සීග්‍ර සංවර්ධනය අති විශාල වන අතර ඉදිරියේදී එය දෙගුණ තෙගුණ වණුවා නොඅනුමානයි.මුල් කාලයේ (1940 -1956) Vaccum Tube භාවිතා කර විශාල කාබරයක් තුල ්ධික තාපයක් පිට කරමින් නිපදවුන පරිගනකය පසුව (1956 – 1963) Transister ප්‍රමාණයෙන් කුඩා උවත් අධික තාපය බලවත් ප්‍රශ්නයක් විය.1963න් පසුව Transister ගණනාවක් එකට එකතු කර සෑදූ Semiconductor භාවිතයෙන් පෙර පැවති ගැටළු බොහෝ අඩු කර ගැනීමට හැකි වුවත් පසුව Semiconductor ගණනාවක් එකට එකතු කර Microprocessor සෑදීමත් සමග පරිගනක විකාශයේ මහා පෙරළියක් ඇතිවිය.අද අපි සිටින්නේ මෙම යුගයේ වන අතර එය Artificial Inteligence ලෙස හඳුන්වයි.

නමුත් අනාගතයේදී ක්වොන්ටම් තාක්ෂණයත් සමග අප විද්‍යා පුබන්ධ වලින් දුටු ලෝකය අපට විවර වෙනවා නොඅනුමානයි.දැනට අපි භාවිතා කරන ඩිජිටල් පරිගනක වල අපිට සියළු වැඩ කරලා දෙන්නේ 0 හා 1 යන ඉල්කම් දෙකෙන් බව ඔබ දන්නවා.මෙහිදී එක අවස්ථාවකදී 0හෝ 1 ලෙසනිරූපනය වී අපට bit ලෙස දත්ත ලබාදෙනවා.නමුත් මෙහිදී එනක් ක්වොනටම් තාක්ෂනයේදී 0 හා 1 යන දෙකම එකවර නිරෑපනය වෙමින් Supperpossition තත්වයට පත්වී එකවර දත්ත අති විශාල ප්‍රමානයක් සංසලේෂණය වෙනවා.0 හා 1 එකට ගත් විට qbit(Quantum bit) ලෙස හැදින්වෙන අතර තවමත් මෙම තාක්ෂණය පර්යේෂණ මට්ටමේ පවතිනවා.

Serge Haroch හා David Wineland යන දෙදෙනා ක්වොන්ටම් විද්‍යාව හා ක්වොන්ටම් පරිගණක තාක්ෂණය උදෙසා කල සේවය ඇගයීමට 20122 වර්ෂයේ ඔවුන් දෙදෙනාට  භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයද හිමිවී තිබෙනවා.අදට වඩා මිලියන ගනනක වේගයකින් වැඩ කිරීමට හැකි මෙම තාක්ෂනය සහික ලරිගනක 2025 පමණ වන විට පැමිණේවි යයි සැලකෙන අතර එතෙක් අපි ඉවසීමෙන් බලාගෙන සිටිමු…