කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව යනු දේශපාලණික වශයෙන් පුවත් මැවු ප්‍රසිද්ධ ස්ථානයක් බව ඔබ සැවොම දන්නා කරුණකි. එහෙත් දේශපාලණය නොමැති පසුබිමක නිලධාරිවාදය තදින්ම හිස ඔසවා ඇති මර්මස්ථානයක් ලෙස වර්තමානයේ එම රජයේ ආයතනය හැදින්වුවාට කිසිදු වරදක් නැත. එහි සිටින්නේ රජයේ නිලධාරින් වුවත් ඇතැම් නිලධාරින් උපාධි සහ තනතුරු නිසා ඔලුව උදුම්මාගෙන තම සහෝදර සේවකයන්ට කරනා නොමනා ක්‍රියා පිළිබද අපට තොරතුරු රැසක් ලැබි ඇත.. මේ සියලු තොරතුරු අපට ලබාදුන්නේ බිම් මට්ටමේ සිටින සනිපාරක්ෂක සේවකයින් විමද සුවිශේෂි සිදුවිමකි. ලැබුනු පැමිනිලි මත අප ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පුවත්පත් මාධ්‍යවේදියෙක් සමගින් ඉහත චෝදනාවල ඇත්ත නැත්ත සෙවිමේ මෙහෙයුම ආරම්භ කළෙමු..
ප්‍රාදේශිය සභාවේ මේ සියලුම චෝදනා එල්ල වන්නේ අන් කිසිවෙකුට නොව නිවාඩු විෂය සහ ණය ලබාදිමේ විෂය සිදුකරන ලිපිකාරිණිය වෙතය. තනතුර කළමණාකරන සහකාර වුවත් ඇය තම උපාධිය නිසාවෙන් දැඩි ලෙස හිස උදුම්මාගෙන සිටින බව සදහන්. ළගදි විවාපත් වු ඇය ඩෙංගු රෝගයටද ගොදුරු වි රෝහල් ගතව සිටි බවද තොරතුරු සෙවු අපට දැනගන්නට ලැබුණි.
මෙම ලිපිකාරිණිය අමුතු පහේ චරිතයකි. කාර්යාලයේ ලේකම්ට පවා අවනත නොවි කටයුතු කිරිමට මැය බලවත් වි ඇත. ඒ ඇය පසුපස සිටින ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායකගේ බලය නිසා බව තතුදත්තෝ අපට පැවසිය. සෝලංග සභාපතිතුමා ඉන්නකම් ඔය ගෑනි කලේ හතුරුකම්. සභාපතිතුමා ඔෆිස් ආපු හැමදවසකම ඔය ගෑනි බැල්ලියෙක් වගේ බැනුම් අහනවා. ඒ කාලේ ඒකි කලේ සැලසුම් අංශයේ වැඩ. වැඩක් කරගන්න හරි අමාරුයි. ලොකු ගැස්.. සභාපතිතුමා මිනිස්සු වෙනුවෙන් මානුෂික පදනම යටතේ කරන්න එවන වැඩ මේකි තඹ සතේකට ගනන් ගත්තේ නෑ. පොඩ්ඩ ගැස්සිච්ච ගමන් ඇගට ගොඩවෙනවා. සභාපතිතුමාව විනාශ කලේ ඔය ගෑනි. හරි උගත් ගෑනි කියලා අලි ඔලුවෙන් හිටියේ.. ඒ ජනතාව මතක් කල ඇයගේ අතිතයයි.. කෙසේ හෝ අපේ වාසනාවට උප කාරයාලයෙන් එයා ගියා.. පුදුම සහනයක්. ඒ උප කාර්යාලයේ සේවකයෙක් අපට පැවසු දෙයකි..
අනතුරුව නිවාඩු විෂයභාර ලිපිකරු ලෙස ඇයව ප්‍රධාන කාර්යාලයට කැදවා ඇත. නිවාඩු අනුමත කරගන්නට ඇය වෙත යන සුලු සේවකයන්ට ඇයගේ පඩත්තර රෙස්පෙක්ට් බලන්නට සිදුවි ඇත.
මහත්තයෝ දවසක් මම ටැක්ටරේ වැඩකරලා ඉවරවෙලා අතපය හෝදගෙන ගිය ඔය ගෑනිව හම්බවෙන්න.. මගේ දුව ලොකු ළමයෙක් වෙලා හින්දා හෙට නිවාඩුවක් ඉල්ලගන්න ගියේ. මම එතැනට ගිහින් …. මිස් කියද්දිම මේකි එහා පැත්තේ හිටපු නෝනට කියනවා මාර ගදක් නේද? කුණු කන්ද මෙතනට ඇවිත් වගේ කියලා හයියෙන් හිනාවුනා.. මහත්තයෝ අපි කුණු එක්ක තමයි ඉන්නේ. කුණු ගදයි තමයි අපේ ළග. අපිට උන් වගේ 4.15ට ගෙදර දුවන්න බෑ. ඕකුන් අද ඔතන ඉන්නේ අපි හින්දා.මම ආයෙත් … මිස් කියලා කතාකලාම අද නෑවේ නැද්ද කියලා ඇහුවා.. මම එතනට යද්දි 2. මම කිවුවා මිස් මගේ ළමයා ලොකු ළමයෙක් වෙලා. මට හෙට නිවාඩුවක් ගන්න ආවේ කියලා.එහෙම නිවාඩු දෙන්න බෑ. මේකේ නිතියක් තියෙනවා. ඔයා කොහොමද එහෙම නිවාඩු ඉල්ලන්නේ? බෑ එහෙම දෙන්න බෑ.. මම දුවගේ උත්සවේට ගියේ නිවාඩු නොදමා මහත්තයෝ.. ඒකට නෝ පේ දාලා තිබුණා ඔය ගෑනි..
තත්වය එසේ තිබියදි මැයට ඩෙංගු වැළදිම නිසා සති දෙකක් මැය නිවාඩු ලබාගෙන ඇත. ප්‍රථම සතිය නිවසේ ගතකර ඇති මැය විවාහය සදහාද දින ගණනාවක් තමනට සිත්සේ නිවාඩු ලබාගෙන ඇත. පුවත්පත් වාර්තාකරු අපට ඒ සියලු තොරතුරු ලබාදිමට උපායශිලිව කටයුතු කලේය..
තමනට ගොට්ට අල්ලන අයට ඉතා හොදින් සැලකිමටද මැය කටයුතු කරයි. ව්‍යාපෘති සේවකයින් 4දෙනෙකුට ඔවුන් සේවයට පැමිනියත් නැතත් වැටුප් ලබාදිමට මැය කටයුතු කරයි. පසුගිය මාසයේද එය එලෙසම කර ඇත. තමනට හිමිවු ස්ථාන මාරුව විපක්ෂනායකගේ බලපුළුවන්කාරකම් මතින් අත්හිටුවාගත් මැය සමස්ථ ප්‍රාදේශිය සබාවටම විශාල හිසරදයක් බවට පත්වි ඇත.
රජයේ සේවකයින්ට ලැබෙන පහසුකමක් වන මාස 10න් ගෙවිය යුතු ණය මුදල ලබාදිමේදි මැයගේ යක්ෂගති යලිත් ඉතා හොදින් දැකගත හැකිවිය. තම එහෙයියන්ට ඉක්මනින් එය ලබාදුන් ඇය තමන්ට එරෙහිව අදහස් පළකල අයගේ ලිපිගොනු අස්ථාන ගතකිරිමට පවා කටයුතු කර ඇත. තමන්ට දරුවා ලැබිමට ආසන්න වු අවස්තාවක මුල්‍ය අවශ්‍යතා පැණ නැගුණු සේවක පියෙක් එම ණය මුදල ඉල්ලා ඇති අතර මේ වනතුරු ඔහුට එය ලබාදිමට මේ යක්සණිය කටයුතු කර නැත. පුද්ගලික කෝන්තර පිරිමැසිමට තම බලය පාවිච්චි කරනා මෙවැනි යක්ෂනියන්ව සමස්ත රාජ්‍ය සේවයෙන්ම පළවාහැරිය යුතු බව අපේ විශ්වාසයයි..
වගකිවයුතු බලධාරින් නිසි පියවර නොගතහොත් නුදුරේදිම මැයට එරෙහිව ප්‍රාදේශිය සභාවේ සුළු සේවකයින් සියල්ල වැඩවර්ජනයකට පවා සුදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. සිදුවිය යුත්තේ අපට තොරතුරු ලබාදුන් සේවකයින්ව සෙවිම නොව අදාළ කළමණාකරන සහකාර තනතුරේ සිටින යක්ෂණියව හැකි ඉක්මණින් ප්‍රාදේශිය සභාවෙන් පමනක් නොව සමස්ත රාජ්‍ය සේවයෙන්ම පළවාහැරිම බව අප නිසි බලධාරින් හට අවධාරණය කරන්නෙමු.
[rns_reactions]

