උඩුනුවර වෙලම්බඩ වෙරවිල ගම්මානයේ පුද්ගලයෙක් වල් ඌරෙකුගෙ ප්‍රහාරයකට ලක් වූ අතර එම අවස්ථාවේ බියට පත් එක් අයෙකු සිය දිවි බේරා ගැනිමට අසළ ඇති ගහකට නැග ගත් අතර අනෙක් අය වල් ඌරාගේ ප්‍රහාරයෙන් තුවාලකරු ගලවා ගැනීමට උත්සහ කර ඇත. සිදුවීමෙන් බරපතල තුවාල ලැබු වයස අවුරුදු 67ක් වු එම ගොවි මහතා බරදෙණිය මුලීක රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ගත කරන විටත් තුවාලකරු මිය ගොස් ඇත. සිදුවීමෙන් පසු ගම්වාසීන් විසින් එම වල් ඌරා මරා දමා ඇති බවද අනාවරණය වෙනවා…