
අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි.

තව මෙයාලට මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන තරම් වේගෙන් කෑ ගහන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.නැව් වල නැවියන්ට මෙයාලගේ ඒ සද්දේ ඇහිලා තියෙනවා කියලා කට කතාවක් තියෙනවා.
මෙම දිය කිදුරියන් හා දිය කිදුරන් ගැන ග්‍රීක හා බැබිලෝනියානු මිත්‍යා කතා රාශියක් ඇත.
ට්රිටොන්(Triton)
Triton යනු ග්‍රීක දෙවියෙකි.මුහුදට අධිපති වනPoseidon ගේ පුත්‍රයා වේ.මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා වට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්රන් මාලිගාවේ වාසය කරයි.
“ඔහුගේ සිරුර මෝරෙකු මෙන් සියුම් ලෙස කොරල වලින් වැසී තියෙනවා.කන් යටින් කරමලක්ද මිනිසෙකුගේ නාසයක්ද මොහුට තියෙනවා.නමුත් ඔහුගේ කට සහ දත් භයානක මෘර්ගයෙක් වගේ සහ නිල් පාට ඇස් ඔහුට තියෙනවා.මිනිසුන්මෙන් අත් දෙකක් හා ඇගිලි මොහුට තියෙනවා.ඉනෙන් පහල කොටස ඩොල්ෆින් කෙනෙකුට මෙන් වරල් තියෙනවා.”තවද මුහුදේ රල නැගෙන්නේ මුහුද කලඹන නිසා කියලත් ග්‍රීක වැසියන් විස්වාස කරනවා.
සිරෙන්(Siren)
සිරෙන් නම් ග්‍රීක දේවතාවියකි.මැය තමන්ගේ දූපත අසලින් යන නැව් වල සිටිනා නැවියන්ව තමන්ගේ සංගීතයෙන් මෝහනය කර ගල්පර වලින් වටවූ තමන්ගේ දූපතට එම නැව ගෙන්වා මුහුදුබත් කරයි.Sirenum scopuli වර්තමානයේ Capri ලෙස හදුන්වන්නේ මෙම දේවතාවිය සිටියා යැයි කියන ගල්පර වලින් වට වූ දූපතයි.
සිරෙන්(Siren)ගේ හැඩරුව කුරුල්ලන් හා කාන්තාවන් ගේ හැඩරුවින් විවිධ අයුරින් හදුන්වා දී තියෙනවා.ග්‍රීක සිතුවම් වලට අනුව Siren හදුන්වන්නේ පක්ෂී සිරුරක් හා කාන්තා හිසක් ඇති බවයි.පසුව ඔවුන් මැය ඉනෙන් ඉහල කොටස කාන්තාවක මෙන් හා පහල කොටස මත්ස්‍ය ශරීරයකින් යොදා සිතුවමට නගා තිබෙනවා.ඇයගේ සංගීත භාණ්ඩය වන්නේ වීණාවයි.දීර්ඝ ගමන් වල යෙදී හෙම්බත් වී සිටින නාවිකයන්ට අමෘතය මෙන් සංගීතයක් මැය තමන්ගේ වීණාවෙන් නිකුත් කර එම නාවිකයන් මෝහනයට පත් කර තමන් වෙතට ගෙන්වා ගනී.මෙම සංගීතයේ අවසානය මරණය යැයි නාවිකයන් විස්වාස කරයි.
රුසල්කා(Rusalka)
එම මිත්්යාවේ සදහන් වන පරිදි රුසල්කා සිහින් සිරුරක් හිමි,පිරිපුන් පියයුරු වලින් යුත් ලස්සන කාන්තාවකි.ඇයගේ ඇස් දීප්තිමත් දුඹුරු පැහැයක් ගන්නා අතර හිස කෙස් තබ පැහැයක් ගනී.ඇයට මිනිසෙකු ලෙස වෙස්වලා ගැනීමටද හැකියාව තිබේ යැයි සදහන් වේ.
මෙම විල ගණ වනාන්තරයකින් වට වී ඇති නිසා මැය ගස් වල අතු අතර හිදගෙන තම විලෙහි සිටින ආත්මයන් සමග මිහිරි ගීත ගායනා කරයි.නමුත් සමහර අවස්ථාවල මැය මිනිස් වෙස් ගෙන ගම්මාන වලට ගොස් මින්සුන් වශී කරගෙන තම විල වෙතට රැගෙනවිත් මරා දමන බවටද මිනිසුන් විශ්වාස කරයි.
අනෙකුත් මිත්‍යා විශ්වාස
මෙම දිය කිදුරියන් නාවිකයන් කරදර වලින් බේරා ගන්නවා යැයි සමහර නාවිකයන් විස්වාස කරනවා.නැවක් මුහුදුබත් වූ අවස්ථාවල එම නැවියන් බේරා ගැනීමට මොවුන් පැමිනෙන බවත්.එම නැවියන්ව දිය කිදුරියන්ගේ මුහුද යට තිබෙන රාජධානි වෙත ගෙනයන බවත්,ඔවුන්ට මිනිසුන් හට වතුර යටදී හුස්ම ගැනීමට බැරි බව අමතක වීම නිසා එම මිනිසුන් මිය යන බවත් විස්වාස කරනවා.තවද මෙම දිය කිදුරියන්ගේ කදුලු වලින් මිනිස් සිරුරේ තාරුණ්‍ය රැක ගැනීමට හැකියාව ඇති බවත් මිනිසුන් විස්වාස කරනවා.තවද මෙම කදුලු මුතු ඇට බවට පත් වෙනවාය යන්න චීන මිනිසුන් විස්වාස කරනවා.
කෙසේ නමුත් මෙම ජීවී විශේෂය ගැන පිංතූර අන්තර්ජාලයේ තිබුනත් මේවා සත්‍යතාව ඔප්පු කිරීමට අපහසුය.