නිල ඇඳුම් තෙමුනු නිසා පන්තියට නොගිය සිසුවියන් තිදෙනකුට පොලොන්නරුවේ විදුහල්පතිවරයෙක් කරපු දේ…!

Spread the love

පොලොන්නරුව, ලංකාපුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් පාසලක ඉගෙනුම ලබන දැරියන් තිදෙනකුට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් කරන ලදැයි කියන පහරදීමක්‌ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ මත එම විදුහල්පතිවරයා පුලස්‌තිපුර පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන ඇත.
 
පහර කෑමට ලක්‌වූ බව කියන 15 හැවිරිදි සිසුවියන් තිදෙනාගෙන් එක්‌ ශිෂ්‍යාවක්‌ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර සිටී.
 
පෙරේදා (15 දා) පාසල් වේලාව තුළදී මෙම ශිෂ්‍යාවන් තිදෙනාට විදුහල්පතිවරයාට පොල්ලකින් පහර දෙන ලදැයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
 
මෙම විද්‍යාලයේ පහළ ශ්‍රේණියක කුඩා සිසුන් පිරිසක්‌ අතින් පෙරේදා (15 දා) සවස ජල නලයක්‌ කැඩී ගොස්‌ ඇති බවත් එය නැවත සකස්‌ කිරීමට මෙම ශිෂ්‍යාවන් තිදෙනා උත්සාහ දරද්දී ඔවුන් හැඳසිටි නිල ඇඳුම් තෙමී යාම නිසා පන්තියට නොගොස්‌ පාසලේ වෙනත් තැනෙක රැඳී සිටි ඇත. 

ගුරුවරයෙකු පන්ති කාමර උගන්වමින් සිටියදී පන්තියට නොයැම නිසා මෙම සිසුවියන් තිදෙනාට විදුහල්පතිවරයා දඬුවම් කර තිබෙන බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළිවී තිබේ. 
දෙමාපියන්ගේ ඉල්ලීම මත විදුහල්පතිවරයා පොලිස්‌ ඇප මත මුදාහළ බවද විමර්ශන කටයුතු සිදු කරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

[rns_reactions]