11 හැවිරිදි දරුවා අකුණුසරින් මරුට…

Spread the love

කට්ටෙයි අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි නිත්‍යානන්දන් රස්කින් මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී කුඹුරේ වැඩ කරමින් සිටි අයට දහවල් ආහාරය රැගෙන යමින් සිටින අතර තුර පැවති වර්ෂාපතනය හමුවේ ඇති වූ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.මෙම සිදුවීම පෙරේදා(19) දින සිදුව ඇත.අකුණ සැර වැදීමත් සමග ප්‍රදේශවාසීන් එක්ව දරුවා මුරුන්ගන් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තද ඒ වන විටත් දරුවා මිය ගොස් තිබුණි.