දැරණියගල පොළිස්බල ප්රදේශයට අයත් මාලිබොඩ , රංවල පුදේශයේ නිවසක ඊයෙ රාත්රී 9ට පමණ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඝාතනයට ලක් වී තිබිණි.මෙසේ ඝාතනය වී ඇත්තේ 45 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය දෙදරු මවකි.පිරිමි පුද්ගලයා 55 හැවිරිදි වන අතර ඔහු ඇගේ අනියම් සැමියාය.
මෙම දෙපල එකට ගෙතුල සිටියදී එහි පැමිණි එම කාන්තාවගේම තවත් අනියම් සැමියකු විසින් තියණු ආයුධ භාවිත කරමින් මෙම ඝාතනය කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.සිද්ධියෙන් තුවාල ලැබූ එම කාන්තාවගේ 7 හැවිරිදි හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හා අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබයි.ඝාතනය සිදුකල 28 හැවිරිදි සැකකරු මේ වන විට ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොළිස් පරීක්ෂණ ක්රියාත්මක වෙමින් පවතී.