පන්සලේ ඉඳන් වැදි බණ දෙසා සීගිරිය කොල්ල කෑ හොර ළඳ කොටු කරගත් හැටි

Spread the love

රජයේ රැකියා ලබාදෙන බව පවසා ජනතාව රවට්ටමින් මුදල් වංචා කළ කාන්තාවක් සීගිරිය පොලිසියට කොටු කර දීමට සීගිරිය ප්‍රදේශයේ ජනතාව ඊයේ (28) සමත් වී තිබේ.

මෙම කාන්තාව මාස ගණනාවක් තිස්සේ සීගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක් මුල්කරගනිමින් ග්‍රාමීය ජනතාවගේ මනස උසස් මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා දේශන පවත්වමින් රැඳී සිට ඇත.

පසුව බැංකු හා ගුරු ක්ශ්ෂ්ත්‍රයන් හී රජයේ රැකියා ලබාදෙන බව පවසමින් ප්‍රදේශයේ  විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන මෙම කාන්තාව ප්‍රදේශයෙන්  පලා ගොස් තිබේ.

මේ අතර ප්‍රදේශවාසීන් මැය අල්ලා ගැනීම සඳහා සූක්ෂම සැළැස්මක් ක්‍රියාත්මක කර ඇත. ඒ තවත් කිහිපදෙනෙකුට මැය හරහා  රැකියාවන් ඉල්ලුම් කිරීමයි.

මේ වෙනුවෙන් අයකරගන්නා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගැනීම සඳහා ඊයේ මෙම කාන්තාව යළිත් සීගිරියට පැමිණ ඇත. එහිදී ප්‍රදේශවාසීන් මෙම කාන්තාව නිවසක කොටුකර සීගිරිය පොලිසියට භාර දී ඇත.

මෙම කාන්තාව මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියන වන අතර රැකියා ලබාදීම සඳහා අයෙකුගෙන් රුපියල් ලක්ෂය, රුපියල් විසිපන්දහස, රුපියල් ලක්ෂ 2 ආදී විවිධ ගණන් වලින් මුදල් ලබාගෙන ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.

මෙම කාන්තාව  තවත් සංවිධානාත්මක පිරිසක් සමග එක්ව දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මේ ආකාරයෙන් ජනතාව රවටමින් විශාල මුදල් ප්‍රමාණයක් එකතු කොට ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

සැකකාර කාන්තාව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සීගිරිය පොලිසිය පැවැසීය.