පිරිමින්ට වඩා ගැහැණුගේ මොළේ වැඩිලු; පර්යේෂණයකින් හෙළිවෙයි

Spread the love

කාන්තාවන් සහ පිරිමින් අතරින් බුද්ධිමත් බවින් ඉහළින් සිටින්නේ කාන්තාවන් බව ඔහායෝ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂණ අංශයේ පර්යේෂකයෝ පවසති. ඔවුන් එසේ පවසන්නේ වයස අවුරුදු හයේ සිට 56 දක්වා වයස් කාණ්ඩවල කාන්තා සහ පිරිමි තිස් දහසක් යොදා ගෙන වසර තුනක් තුළ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ය.

මතක තබා ගැනීමේ හැකියාව, කටපාඩම් කිරීමේ හැකියාව, ධාරණ හැකියාව, නිර්මාණ ශීලී හැකියාව, තර්කන හැකියාව අතින් කාන්තාවන් පිරිමින්ට වඩා පියවර කීපයක් ඉදිරියෙන් සිටින බව මෙම පරියේෂණයේ දී තහවුරු වී තිබේ.

ඊට අමතරව නැතිවූ යමක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව, සංවේදී බව, පිරිසිදුකම, ඕනෑම කාර්යයක් පිළිවෙලට කිරීමේ හැකියාව, ආතතිය පීඩනය වැනි තත්වයන් දරා ගැනීමේ හැකියාව, පරිගණකය පහසුවෙන් හැසිරවීමේ හැකියාව, විශාල පිරිසක් පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ආදිය අතින් ද කාන්තාවන් පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටින බව මෙම පර්යේෂණයේ දී හෙලි වී තිබේ. මෙම සියළු අංශ ඔස්සේ සළකා බැලූ විට කාන්තාවන් පිරිමියන්ට වඩා සියයට 18 කින් පමණ ඉදිරියෙන් සිටින බව ද වාර්තා වේ.

නමුත් කාලය වැය කරමින් සිදු කළ යුතු කාර්යයන්, උදාහරණ ලෙස පරිපථ සහ මෝටර් රථ ශිල්පය වැනි විෂයන්වලදී මෙන්ම ගණිතය, ඉංජිනේරු ශිල්පය වැනි විෂයන්වලදී ද පිරිමින් කාන්තාවන් අභිබවා ගොස් තිබේ. නමුත් එය සියයට තුනක් පමණ වන මට්ටමකිනි. ඒ අනුව කාන්තා සහ පිරිමි බුද්ධි මට්ටම් සසදා බැලීමේ දී සමස්ත වශයෙන් කාන්තාවන්ගේ බුද්ධිමත් බව පිරිමින්ගේ බුද්ධිමත් බව මෙන් සියයට 28 කින් පමණ ඉහළ අගයක් ගන්නා බව ද මෙම පර්යේෂණලින් හෙලි වී තිබේ.