දළ පූට්ටුවාගේ ඝාතනයට ප්‍රධානීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Spread the love

දළ පූට්ටුවාගේ මරණය පිළිබඳව වගකිවයුතු යැයි හඳුනාගෙන ඇති රජයේ ඉහළපෙළේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත.පරිසරයට සම්බන්ධ ඉහළ තනතුරු දෙකක නිලධාරීන් දෙදෙනකුගේ තනතුරු මේ අනුව අත්හිටුවනු ඇත.

දළ පූට්ටුවාගේ මරණය පිළිබඳව රජය විසින් මේ වන විට පවත්වා ඇති පරීක්ෂණවලදී ඉහත නිලධාරීන් දෙදෙනා සිය රාජකාරි කටයුතු පැහැර හැර ඇති බවට අනාවරණය වී තිබේ.

ඔවුන් සිය රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කළේ නම් දළ පූට්ටුවාගේ ජීවිතය රැකගැනීමටද ඉඩ තිබුණු බවට මෙම පරීක්ෂණවලදී කරණු හෙළිදරව් වී තිබේ. කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳව පරීක්ෂණ කටයුතු තවමත්් නිමවී නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි අත්හිටුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.

[rns_reactions]