ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුවහොත් සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් ඇති බැවින් නාවික හා ධීවර ප්‍රජාවන්ට අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් (05) සිට 8 වන දින තෙක් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ දකුණු මුහුදු ප්‍රදේශයන්හි සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවද ඔවුන් සඳහන් කරයි.
මේ හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි (මි.මි. 75 වැඩි) ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුරු දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක්පමණවේ.
බස්නාහිර,සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී. 50 ක්පමණ)තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැ.කි.මී.90-100 වන අතර පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තාවකාලික ඉතා තද සුළං (පැ.කි.මී.70-80 දක්වා) සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකියි.
[rns_reactions]

