2017 සාමාන්‍ය පෙළ විභාගය අද (12) ආරම්භ වනවා.
රට පුරා මධ්‍යස්ථාන 5116 කදී අයදුම්කරුවන් හය ලක්ෂ 88,573 දෙනෙකු ඊට පෙනී සිටීමට නියමිතයි. ඔවුන්ගෙන් හාර ලක්ෂ 29,493 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 59,080ක්.
පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කොටස් දෙකක් යටතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. මධ්‍යස්ථාන 536ක් හරහා එහි කටයුතු සම්බන්ධීකරණය කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
විභාගයට පැමිණිමේදී සහ පිළිතුරු සැපයීමේදී අයදුම්කරුවන් සැළකිලිමත් විය යුතු
කරුණු පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණා.
එහිදී විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත සඳහන් කළේ විභාගය සඳහා පැමිණෙන විට අත්සන සහතික කරන ලද ප්‍රවේශපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ පිළිතුරු ලිවීමට අවශ්‍ය පෑන් පැන්සල් අමතක නොකර රැගෙන ආයුතු බවයි. ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීමේදී ඊට කාලය ලබා දී ඇත්තේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් කියවීමටද වන හෙයින් පිළිතුරු ලිවීමට පෙර ප්‍රශ්න පත්‍රය හොඳින් කියවා පිළිතුරු ලිවීමට කටයුතු කරන ලෙසද මතක් කර සිටියා.
විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන බැවින් පෙරවරු 8.00ට පෙර නියමිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන්නැයි සියලූ අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කෙරුණා.
අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙනවා. විභාග වංචා වැළැක්විම සඳහා සියලූ විභාග මධ්‍යස්ථාන ආවරණය වන පරිදි අධීක්ෂණ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.
විභාග වංචා සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට දැඩි පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.
[rns_reactions]