තම නිවසේ පොලිස් මුර පොල අසලම ලොකයේම තහනම් ගසක් වු විශාල කොකෙන් ගසක් ඇති බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි.
‘ගස් හදුනගන්න ඔ්න. ඒක ඉතාම වැදගත්.
කොකේන් ගහක් බලන්න ඕන නම් අර අපේ ගෙදරට ගියාම කොකෙන් ගසුත් තියෙනව, මලූත් තියෙනව, ගෙඩිත් තියෙනව සේරම තියෙනව.කොකේන් කියන්නෙ ලෝකෙ තහනම් ගහක් හැබැයි පොලීසියෙ මහත්තුරු දන්නෙ නෑ කොකෙන් ගහ මොන වගේද කියල.පොලිස් මුරපල ලගම කොකෙන් ගහක් තියෙනව. තාම කවුරුවත් ඒක අදුනන්නෙ නෑ. ලොකු කොකෙන් ගහක්’
පවතින නීතිය අනුව මේ ආකාරයේ නඩු භාණ්ඩයක් හමු වූ පසු සැකකරු ඇප නොමැතිව තුන් මාසයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කරන අතර ඉන් පසු නඩුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැතිම තරම්ය.