ඔශාක ජාගොඩ කැනඩාවේ සුපිරි කොන්ඩා සැකසුම් ශිල්පීන් 12 අතරට … VIDEO

Spread the love
ලෝකය ජයගත්ත අපේ මිනිස්සු ගැන අපි කතා කරනවා. ශ්‍රී ලංකා නාමය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය ආක්‍රමණය කරන්න අපේ පුංචි රටේ මිනිස්සුන්ට හැකිවෙලා තියෙනවා. ඒක අපේ රටට ආඩම්බරයක්.
කොන්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් තමයි Osaka Ayon Jagoda ඔහු දැනට කැනඩාවේ ඉන්න හොඳම කොන්ඩා සැකසුම් ශිල්පීන් 12 දෙනා අතරින් කෙනෙක්. ඒ වෙනුවෙන් ඔහුට සම්මානයක් පවා ලැබුනා. කැනඩාවේ වාර්ෂිකව පවත්වන REDKEN නම් තරඟයේදී මෙම ජයග්‍රහණය ඔහුට ලබන්නට හැකියාව ලැබුනා. ඒ අනුව 2017 වර්ෂයේ කැනඩාවේ ඉන්න සුපිරිම කොන්ඩ සැකසුම් ශිල්පීන් 12 දෙනා අතරෙ ඉන්නෙ අපේ රටේ ඔශාක. ඉතින් ඒක අපේ රටට ආඩම්බරයක්.