බොරු පොරොන්දු දී නරුමයෙකු 14 හැවිරිදි දැරියක් රඳවාගෙන දූෂණය කර ඇති හැටි

Spread the love

හැටන් වටවල රොසැල්ල මාණික්කවත්ත ප්‍රදේශයේ අවුරුදු දාහතරක් වයසැති පාසල් දැරියක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී එම දැරිය පැහැරගෙන ගොස් මාසයකට අධික කාලයක් රඳවාගෙන ලිංගික අතවර කළ තරුණයා සහ එයට අනුබල දුන් ඔහුගේ මිතුරකු සැකපිට හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 14ක මෙම කුඩා දැරිය දුරකථන සම්බන්දතාවකින් මෙම තරුණය සමග කතා බහ කොට ඇති අතර පසුව එය ප්‍රේම සම්බන්දතාවක්අ දක්වා දුර දිග ගොස්ත ඇත.  ඉකුත්දා (23දා) සිට එම පාසල් දැරිය අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම පාසල් දැරිය ඔහුගේ මිතුරකුගේ නිවෙසක නවත්වා සැකකාර තරුණයා කොටගල ප්‍රදේශයේ සැඟව සිටියදී ලද තොරතුරක් මත ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පාසල් දැරියව ඉකුත්දා (7දා) එම තරුණයාගේ මිතුරකුගේ නිවෙසක සිටියදී එම මිතුරා සමඟ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පාසල් දැරියව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක්ද ලබාගෙන ඇත. ප්‍රධාන සැකකරු සන්තකයේ තිබූ යතුරුපැදියද සොයාගෙන ඇත. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක මල්දෙණිය, පො.කො. නිශ්ශංක (62174), පො.කො. අප්සරා (2247), පො.සැ. විජේසිංහ (32163) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

කුඩා දරුවන් හා තරුණවියට පා තබන නව යොවුන් දරු දැරියන්  අන්තර්ජාල ජංගම දුරකථන  හා අනෙකුත් සමාජ මාධ්‍ය  හාවිතා කිරීමේදී දෙමාපියන් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. දරුවන් නිසි මගට යොමුකර ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සෑම දෙමව්පියන්ගේම කර මත පැටවුණු අනිවාර්ය වගකීමක් හා යුතුකමකි.