නාම යෝජනා කමිටුවේදී මධුශා එක්ක සයනේ සිහිනේ දැකපු සල්ලාලයන් දෙදෙනා මෙන්න…

නාම යෝජනා කමිටුවේදී මධුශා එක්ක සයනේ සිහිනේ දැකපු සල්ලාලයන් දෙදෙනා මෙන්න…
Spread the love

රාජපක්ෂලාගේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූ විට නාම යෝජනා ලබා දීම සඳහා මධුෂා රාමසිංහ නමැති නිළිය ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ කව්දැයි ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ. ඇය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිද කර ඇත.

ප්‍රථමයෙන්ම මධුෂා රාමසිංහගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ නාම යෝජනා කමිටුවේ සිටි රේණුක පෙරේරා නමැති හිටපු පළාත් සභා මන්ත්‍රී වරයා ය. රේණුක පෙරේරා මහින්ද රාජපක්ෂගේ දැඩි හිතවතෙකු වන බැවින් නාම යෝජනා කමිටුවට නම් කර තිබිණ.

රේණුක පෙරේරාගේ අවලම් ක්‍රියාව සම්බන්ධයෙන් මධුෂා රාමසිංහ මහින්ද රාජපක්ෂට පැමිණිලි කිරීමට ගිය විට ඇයව හමුවී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාර ය. මධුෂාගේ චෝදනාව අසා සිටි උදිත ලොකු බණ්ඩාර ද නාමයෝජනා ලබා දීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත. වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටීමෙන් කුපිත වූ මධුෂා මේ පිලිබඳව මැතිවරණ කොමසාරිස් වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

ගැහැණියක් සම්බන්ධතා පවත්වන්නේ කා සමග ද යන්න තීරණය කිරීම ඇයගේ අයිතියක් මිස ඊට කවරාකාරයේ හෝ බලපෑමක් කිරීම, හිරිහැරයක් කිරීම ලංකාවේ නීතිය අනුව බරපතල වරදකි. ලිංගික අල්ලස් ඉල්ලීම වැන්නක් නොව අඩුම ගණනේ එක් කම්මුලක් පුම්බා පිරිමින් කාන්තාවන්ට කරන අවලම් සහගත ඉඟිය පවා කිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. එවැනි වරදකදී අතවරයට ලක්වන කාන්තාව පැමිණිලි නොකළද ඒ ගැන දුටු, දන්නා වෙනත් අයෙක් පැමිණිලි කිරීම පවා වරදකරුවන් අත් අඩංගුවට ගැනීමට සෑහෙන බව ලංකාවේ නීතියේ දැක්වේ.

ඒ අනුව රේණුක පෙරේරා සහ උදිත ලොකු බණ්ඩාර දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස ලංකාවේ කාන්තාවන් සියළුම දෙනා බලා සිටිනු ඇත. ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවන් ය. ලිංගික අල්ලස් නොව බස් රථයක යෑමේදී පවා විඳින්නට වෙන ගැහැට ගැන එකී කාන්තාවෝ බහුතරයක් ඉතා හොඳින් දනිති.

උපුටාගැනීම ලංකා ඊ නිවුස්

මහින්ද රාජපක්ෂගේ සහචරයින් මධූෂාව සමූහ දූෂණයට සැරසිලා!

නාකින්ගෙයි පුද්ගලික ලේකම්ලගෙයි වද බැහැපු පොහොට්ටු පුප්පන්න බෑ කියපු නිසා රිදි තිරයේ පත්තිනි අම්මා වෙච්ච මට නාම යොජනා දෙන්න බෑ කිවුවා – මැතිවරන මහ ලේකම් කාරයාලය ඉදිරියේ මධුෂා පොහොට්ටුවේ මදන විසේ හෙලි කරයි..

Posted by Supiri Gossip on Wednesday, December 20, 2017

[rns_reactions]