නායක මණ්ඩලේ කචල් නිසා ඒකාබද්ධ විපක්ෂයේ පොදු ගිවිසුම දින නියමයක් නැතිව කල් යයි..

නායක මණ්ඩලේ කචල් නිසා ඒකාබද්ධ  විපක්ෂයේ පොදු ගිවිසුම දින නියමයක් නැතිව කල් යයි..
Spread the love

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු පක්‍ෂ අතර සාමුහික ගිවිසුම අත්සන් කිරීම කල් දමා තිබෙන අතර මීට පෙර එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි. තම පෙරමුණේ පක්ෂ කිහිපයක මතවාදයන් නිසාවෙන් මෙය කල් දැමීමට සිදුවූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියාසිටියේ.

එහිදී ඔහු සඳහන් කළේ “අපි ඒක කරන්න හිටියේ ඔක්කොම පක්ෂ එක මතයකට ගෙනල්ලා එක අරමුණකින් උනත් දැන් ගොඩක් අයට තියෙන්නේ වෙනත් අරමුණු. අපි එක අරමුණකට යන්න දැන් සාකච්චා කරන අතර ඒවා සාර්ථක උනොත් මෙම කටයුතු සිදු කරනවා.” යනුවෙන්ද සඳහන් කෙරුණා.