ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…

ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…
Spread the love

නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වී තිබේ.

(27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වූ මෙම පිරිස රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කර තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ද අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.