ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා කඩුවෙල සංවිධායක වන සෝමවීර චන්ද්‍රසිරි මහතා ඒකාබද්ධයෙන් ඉවත්ව ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩ කටයුත් සඳහා සිය පූර්න කැපවීම යොදන බවට අද උදෑසන ජනපකි මෛත්‍රී හමුවී ප්‍රකාශ කර ඇත.
එතුමන් මෙම තීරණය ගෙන ඇත්තේ පොහොට්ටුව තුල බැසිල් රාජපක්ෂ විසින් ගෙනයන ඒකාධිකාරී පාලනය නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.තමන්ට මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසිදු අමනාපයක් නැති අතර මහින්ද නම විකුණා බලය ලබා ගන්න දගලන බැසිල් හා නාමල් යන දෙපලගේ අවිචාරවත් දේශපාලන හැසිරීම නිසා මේ රට ඉදිරියේදී මහා ව්‍යවසනයකට ලක්විය හැකි බැවින් ඒ සඳහා කොටස් කාරයෙක් වෙන්න තමන්ට නොහැකි යයි ඔහු සිය සමීපතයන්ට පවසා ඇති බවට ආරංචි ලැබී ඇත.