එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කළේය
පසුගිය දිනක මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ අතර ඉදිරියේදිත් දිනේෂ්ගේ නායකත්වය පසෙකලා පොහොට්ටුවේ ඇති අක්‍රමිකතා හේතුවෙන් තවත් කණ්ඩායමක් ශ්‍රීලනිපය වෙත පැමිණීම සනාත කර ඇති බවත් ඒ හේතුවෙන් දිනේශ් ගුණවර්ධන මේ දින වල ඉතාමත් කණගාටුවෙන් පසුවන බවත් නෙළුම් මාවත කාර්යාලයේ විශේෂ ඔත්තු කරුට තහවුරු වී ඇත.
මේ අනුව දිනෙන් දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශක්තිමත් කරමින් ඉදිරි පලාත් පාලන මැතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහනය ස්ථීරසාර වන බවට තවුරු වෙමින් පවතින බැවින්‍ෙ එයට සෘජුවම බැසිල් වගකිව යතු යයි ජී.එල් මහින්ද රාජපක්ෂට පැවසීමත් සමග මේ දින වල බැසිල් හා ජී.එල් අතර දැඩි නොහොඳ නෝක්කඩුවක් පවතින බවට ද ආරංචි ලැබී ඇත.