කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැහැ මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේ කවුද මගේ ඥාතීන්ද කියන කිසිම කාරණයක් එතනදි මට අදාල වෙන්නෙ නෑ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් සම්මුතිය ප‍්‍රතිඥාව දීමේ උත්සවයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 32ක නායකයෝ හා ක‍්‍රියාකාරීහු ඉදිරියේදී පැවසීය.
“මට අවශ්‍ය වන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසිදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්. මා ප‍්‍රමුඛත්වය දෙන්නේ එතැනටයි. අංක එක එතැනයි. එතැන හරි ගියොත් අනෙක් ඔක්කොම හරි යනවා. එතැනින් පල්ලෙහාත් හැදෙනවා. මෙතැනින් මේ වැඬේ පටන් ගත්තම ඒක කරන්න පුළුවන්. හෘද සාක්ෂිය හොඳ සාක්ෂියක් කර ගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩු ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගනිමු. වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති රටක් වෙනුවෙන් සියලූ දෙනා අධ්‍යාත්මික දර්ශනය අනුව කැපවෙමු.’ යයිද ජනපති තුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.