කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)

කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)
Spread the love

VOICE OF CEYLON වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහ නගර සභාව සදහා තමන්ගේ පක්ෂයෙන් ස්වාධීනව තරග වැදීමේ හේතුව අනාවරණය කර ගැනීමට VOC ගවේශක කණ්ඩායමට හැකියාව ලැබුණි.

එක්සත් ජාතික පක්ෂය හා එක්ව දිවයිනේ සියළු පලාත් පාලන ආයතන වලට තරග වදින මනෝ ගනේෂන්ගේ පක්ෂය කොළඹ මහ නගර සභාවට පමණක් තනිව තරග වදින්නේ ඇයිදැයි යන්න අපගේ ගවේෂණයට හේතුවූ පලමු හේතු සාධකය විය.

මෙය හුදෙකලා සිද්ධියක් නොවන වගත් මෙය පිටුපස කුමක් හෝ දේශපාලන කාරණාවක් ඇති බවත් වටහාගත් අප ගවේෂක කණ්ඩායම සොයාගත් කරුණු මෙසේය.

කොළඹ මහනගර සභාවේ බලය ඉදිරි මැතිවරණයන්හීදී අතීශය තීරණාත්මක සාධකයක් නිසාවෙන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුනම කොළඹ මහ නගර සභාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට ඇත. එහෙයින් එජාපයෙන් රෝසි සේනානායකද ශ්‍රිලනිප පාර්ශවයෙන් අසාද් සාලිවද නම් කොට ඇත. ඩීල් එක ගොඩ නැගෙන්නේ එතනින් නොව. පොහොට්ටුවෙන් ඉදිරිපත් කොට ඇති නාමමාත්‍රික නගරාධිපති අපේක්ෂකයා වෙනුවෙනි.

නාමයෝජනා සකස් කරමින් පවතින කාලය පුරාම මනෝ කටයුතු කලේ එජාප නාම යෝජනා මණ්ඩලය සමග වුවත් අවසාන දින රාත්‍රියේ මනෝට අදාල ස්ථානයෙන් පිටව යෑමට තිබුණේ ඉතා හදිසියකි. ඒ කලින් කතා කරගත් පරිදි අදාල ඩීල් එක වනවාද නැද්ද යන්න දැන ගැනීමටය. රාත්‍රී 10.00ට පමණ එජාප නාමයෝජනා මණ්ඩලයෙන් මනෝනැගිට යන්නේ හදිසියේ ලැබෙන වයිබර් පණිවුඩයක් හේතුවෙනි. ඒ පණිවුඩය එවන ලද්දේ අන් කිසිවෙක් නොව කොළඹ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන හා වෙළද දැන්වීම් ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකුගෙනි.

”වැඩේ හරි….යුරේ…. සල්ලි ටිකත් එක්ක ඇමතිතුමාගේ ගේ ගාව”

එලෙස සටහන්ව ඇති පණිවුඩය දුටු වහාම මනෝ එජාප නාමයෝජනා මණ්ඩලයට පවසා සිටියේ තමන්ගේ අපේක්ෂකයින් හත්දෙනා සමග තමන් තනිව කොළඹ මහනගර සභාවට තරග වැද ජයග්‍රහණයෙන් පසුව එජාපය සමග එක්වෙන බවයි. මනෝගේ අපේක්ෂකයින් වෙනුවෙන් වෙන්කර තිබූ ඉඩ වහාම තමන්ගේ අපේක්ෂකයින් දැමීමට එජාප නාමයෝජනා මණ්ඩලය කටයුතු කල අතර මනෝ එම ස්ථානයෙන් පිටත්ව තම නිවස බලා ආවේ විදුලි වේගයෙනි.

එදා රාත්‍රිය මනෝට කාමාසුඛල්ලිකානුව ගත කිරීමට අදාල මාධ්‍ය හිමිකරු එවා තිබූ ජනප්‍රිය නිළිය සමගවූ බීෆ් කේසය දැක මනෝ වහාම අදාල මාධ්‍ය ආයතන හිමිකරුට දුරකථනයෙන් ඇමතීය. දුරකථනය විසන්ධිකල අදාල මාධ්‍ය හිමිකරුවා වයිබර් හරහා මනෝ සමග සම්බන්ධ විය.
” මනෝ මම ඔන්න වැඩේ කලා. අපිට කොළඹ දිනන්න ඕනේ,ඒක අපේ බිස්නස් වලට වටිනවා. අපිට සුළු ජාතික ඡන්ද වල අඩුවක් තියෙන්නේ. අපි දන්නවා ඔයාට ඒක කවර් කරන්න පුළුවන්. ඉතිරි හරිය මම වෙනත් විදියකට කතාකරගෙන යනවා. ඔයා අපිට සහාය දෙන්න”

එදින රාත්‍රිය සුවපහසුව කාමයෙන් හා සුරාවෙන් වෙලී ගතකල මනෝ අවධිවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇමතුමෙනි.”ඇයි මනෝ ඔයා කොළඹින් වෙනම ඉල්ලන්නේ” අගමැතිවරයා එසේ විමසද්දී මනෝ ප්‍රකාශ කලේ
”සර් මම කොහොම ඉල්ලුවත් සර්ලා එක්ක ඉන්නවනේ” යනුවෙනි.
” ආ එහෙමනම් ගැටලුවක් නැහැ මනෝ” අගමැතිවරයා දුරකථනය විසන්ධිකල අතර උදෑසන 11ට පමණ ජනපති මෛත්‍රීපාල සිරිසේන මනෝව දුරකථනය හරහා සම්බන්ධ කර ගනිමින්
” මනෝ මොකද ඔයා කොළඹ විතරක් තනිවම ඉල්ලන්නේ” විමසා සිටි අතර මනෝ එවෙලේ පැවසුවේ අපූරු පිළිතුරකි.

” සර් එජාප ලිස්ට් එකේ අන්ඩර්වර්ල්ඩ් අය ගොඩාක් ඉන්නවා මගේ අය දැම්මොත් එයාලව කපලා මගේ ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන්”

මනෝව දිනා ගැනීමේ අවස්ථාවක් ලෙස භාවිතා කල හැකි අවස්ථාවක් යැයි කල්පනා කල ජනාධිපතිවරයා
” මනෝ මම දැන්ම ඔයාට STF ගාර්ඩ් එකක් එවන්නම්. භය වෙන්න එපා”යනුවෙන් ප්‍රකාශ කලේය.

මනෝගේ මේ ප්‍රකාශය නිසා ක්ෂණිකයෙන් කොළඹ එජාප ලැයිස්තුවට පාතාල සාමාජිකයින් ඇති බවත් ඒ නිසා මනෝට STF  ආරක්ෂාව ලබාදුන් බවත් පුවත නිර්මාණය විය. මේ පුවත නිර්මාණය වන්නේ අදාල මාධ්‍ය හිමිකරුට අයත් ප්‍රචාරක ආයතනයෙනි. පොහොට්ටුවෙන් ඉදිරිපත්වෙන අපේක්ෂකයාද සේවය කරන්නේ අදාල ප්‍රචාරක ආයතනයේයි.

STF පිරිවරාගෙන මනෝ කොළඹ ඡන්දේ කරන හැටි

 

රටේ ජනපති අගමැති අන්දවා මනෝගේ ඩීල් නාට්‍ය හා STF ආරක්ෂක වලල්ල නිර්මාණය වන්නේ එලෙසිනි. පෙබරවාරි 11 වැනි දින වන විට මනෝ ජනපතිව හා අගමැතිව ඇන්දූ බව තේරෙන විට ඔවුන්ට විහිදෙනේ තරු සමග රැස් වළලුය.

VOC ගවේෂක කණ්ඩායම

මනෝගේ චීන්නු බෝඩිම් හා අවුරුදු දෙකහමාරෙන් හදපු සැප නිවාස ගැන තොරතුරු බලාපොරොත්තු වන්න