ශ්‍රීලනිප – එජාප ජාතික ආණ්ඩුවේ ආයු කාලය පෙබරවාරි 11 අවසන්… මහින්දගෙන් ප්‍රකාශයක්..

ශ්‍රීලනිප – එජාප ජාතික ආණ්ඩුවේ ආයු කාලය පෙබරවාරි 11 අවසන්… මහින්දගෙන් ප්‍රකාශයක්..
Spread the love

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධයෙන් වන අවසන් තීරණය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‘මව්බිම’ට පැවැසීය.
එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්
පක්‍ෂය එක්ව පිහිටුවා ඇති සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය පෙරේදා (31දා) අවසන් වූ අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට රැගෙන යනවාද නැද්දැයි ‘මව්බිම’ කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම අවසන් වීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ සිටින අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවට තවත් පාර්ශ්වයක් පවසති.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කෙළේ පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව පරාජය වූ පසු ඊට සහාය දෙන ශ්‍රී ලනිප කණ්ඩායම ආණ්ඩුවට සහයෝගය ලබාදෙනු ඇති බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ල.නි.ප.යේ සිටිමින් වෙනත් පක්‍ෂයකට සහාය පළ කරන්නන් පිළිබඳ
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනය ක්‍රියාමර්ග ගැනීමට අනිවාර්ය බවද අමරවීර මහතා වැඩිදුරටත් පැවැසුවේය.