කොලොන්නාවේ පොහොට්ටු පිපෙන්න කලින් පරවෙයි.. ප්‍රබලයන් රැසක් අපේක්ෂකයන් සමගින් ශ්‍රීලනිපයට…

කොලොන්නාවේ පොහොට්ටු පිපෙන්න කලින් පරවෙයි.. ප්‍රබලයන් රැසක් අපේක්ෂකයන් සමගින් ශ්‍රීලනිපයට…
Spread the love

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළකිරීමට එක්විය.

අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ඔවුහු ජනාධිපතිතුමා සහ කොලොන්නාව ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ නායකත්වයෙන් කොලොන්නාව ආසනය ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීමට තම උපරිම සහය ලබාදෙන බවට ඔවුන් මෙහිදී පවසා ඇත.