සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්
Spread the love

 

පසුගිය දිනකදී සපුගස්කන්ද පොලීසියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් හා අදාල මන්ත්‍රීවරයාගෙන් යන දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවී ඇති බව කොළඹ අපරාධ පරීක්ෂන කොට්ඨාෂයෙන් දුන් වාර්තාවට අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා විසින් පරීක්ෂණ අවසන් වන තුරු අදාල ස්ථානාධිපති වරයාව ස්ථාන මාරු කිරීමට පොලිස්පති තුමාට උපදෙස් දී ඇත.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී ස්ථාන මාරු නොකෙරෙන බැවින් මැතිවරන කොමිසමට ඉදිරිපත් කොට කොමිසමේ අනුමැතිය අනුව අදාල ස්ථාන මාරු කිරීම සිදු වනු ඇත.