2008 ඉදං 2015 වෙනකන් බැඳුම්කර වංචා නිසා බිලියන 10000ක් වත්මන් රජයට ගෙවන්න වෙලා…

2008 ඉදං 2015 වෙනකන් බැඳුම්කර වංචා නිසා බිලියන 10000ක් වත්මන් රජයට ගෙවන්න වෙලා…
Spread the love

රාජපක්ෂ පාලන සමය තුල 2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බවත්ඒ පිළිබඳ විගණනය කළ යුතු බව බැඳුම්කර ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින්, කඩිනමින් ඒ පරීක්‍ෂණ ඇරඹිය යුතු බවත් ඊයේ(07) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය

රටේ අනාගතය විනාශයට පත් කළ රාජපක්‍ෂවරු දැන් ගම හදන්නට බලය ඉල්ලන බවත්, රටේ ආර්ථිකය පරිහාණියට පත් කළ අයට ගම නංවාලීමට කිසිඳු හැකියාවක් නැති බවත්බැඳුම්කර කොමිසම පිළිබඳ විවිධ අදහස් පළ කරන ජනමාධ්‍ය දැන් බිලියන දසදහස පිළිබඳව ද ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේදැයි තමන් බලා සිටින බවත් එහිදී අග්‍රාමාත්‍ය තුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.