ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තුන්වැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන බෝධි පූජා පින්කමක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියසදී අද (8දා) දින පැවැත්වීමට නියමිතය.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සංවිධානය කර ඇත.
සාමාජිකයන් 1000ගේ සහභාගිත්වයෙන් කතරගම කිරිවෙහෙර අබියසදී පහන් පූජාවක් සහ නෙලුම් මල් පූජාවක්ද මහා දේවාලයේ දේව පූජාවක් සහ රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර නුවර බළකා මූලස්ථානයේ සාමාජික සාමාජිකාවන් 400කගේ සහභාගිත්වයෙන් දළදා මාලිගාව අබියසදී බෝධි පූජාමය පින්කමක් පැවැත්වේ. පොළොන්නරුව බළකා මූලස්ථානය මඟින් සාමාජික සාමාජිකාවන් 1000ගේ සහභාගිත්වයෙන් ගල්විහාරයේදී බෝධි පූජාමය පින්කමක් සහ ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

