අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් වන ගණේමුල්ල නගරයේ දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම මෙම මස 11 දින පෙරවරු 10 ට ජනතා අයිතියට පත් කෙරේ.
ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට කඳාන මාර්ගය දක්වා මීටර් 275 දිගින් සහ මන්තීරු 2 කින් යුත් මෙම ගුවන් පාලමේ පළමු අදියර මෙසේ ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙහි දෙවන අදියර යටතේ ගණේමුල්ල-ගම්පහ මාර්ගය දක්වා තැනවීමට නියමිතය.
මෙම පාලම ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 1768 ක මුදලක් වැය කොට ඇති අතර මෙහි තැනීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤ සහ මෙරට සමාගම් දෙකක් මගින් සිදුකොට ඇත.

