පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා

පුංචි ඡන්දයේ එක කතිරයයි… වැඩිය කතිර ගැහුවොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනවා
Spread the love
එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාවේ සලකුණු කළ යුත්තේ එක් කතිරයක් පමණක් බවත් ඡන්ද පත්‍රිකාවේ එක් කතිරයකට වඩා පැවැතියහොත් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (9) කොළඹ රාජගිරිය මැතිවරණ මහ‍ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවේදී ප්‍රකාශ කළේය.
මෙවර ඡන්ද පත්‍රිකාවේ මනාප ඡන්ද සලකුණු කිරීමට කොටසක් නොමැති බැවින් එක් කතිරයක් පමණක් තමන් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ සලකුණු කළ හැකි යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.