මේක ටිකක් අපූරු කතාවක්, පොහොට්ටුවේ රැස්වීම් නිමක් නැත. එදා පටන් නුගේගොඩ සිට ලංකාවේ හතර කොනට මහින්දගේ සුළං හැමුවේය. ඒ සුළං හැමීම හරහා පළමු වෙඩිමුර ගානක්ද රටපුරා පැවැත්වීය. දිවයිනේ නන් දෙසින් මේ සෑම රැස්වීමටම ජනතාව ඇදී ආවේය, නැතිනම් ගෙන්නුවේය.
රාජ්‍ය බලය නොමැති මහින්ද රාජපක්ෂ හට මේ සෑම රැස්වීමක්ම මාධ්‍ය ආවරණය ලබාගැනීමට නොහැකි විය. ඒසේම රැස්වීම් පිළිබදව පූර්ව ප්‍රචාරණයක් සේම රැස්වීම් පවතින අවස්ථාවේද මාධ්‍ය ආවරණය සිදුකලේද සමාජජාලා තුලින්. මහින්ද වෙනුවෙන් පෙනී සිටි බොහොමයක් සමාජජාලා ක්‍රියාකාරීන් ස්වේච්ඡාවෙන් සිය දායකත්වය දිවයිනේ සෑම තැනටම ගොස් ලබාදුන්නේය. මුල් අවදියේ පටන් මෙම කටයුත්තට මහින්දගේ පාර්ශවය මූල්‍ය දායකත්වයක් ලබා නොදුන්නේය. නමුත් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින් අව්ව වැස්ස නොතකා ඔවුන්ගේ දායකත්වය මහින්ද වෙනුවෙන් ලබා දුන්නේය.
කාලයාගේ ඇවෑමෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් තෝරාගත් කොටසක් වෙනුවෙන් මහින්දට හිතවත් මන්ත්‍රිවරුන් යම් යම් දායකත්වයන් ලබාදෙන්නට විය. ඒ දිවයිනේ ඕනෑම තැනක පැවැත්වෙන රැස්වීමක් සඳහා යාමට බස් රථයක් කෑම බීම සහ ඉඳුම් හිටුම් පවා ලබාදෙන්නට තරම් අනුග්‍රහයක් ලබාදෙන්නට විය. මේ කටයුත්ත දිගින් දිගටම ඇදී යන අතරතුර පසුගියදා මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ රැස්වීමක් අනුරාධපුරයේදී පවත්වන ලදී.
මෙම රැස්වීම සඳහා ගමන් ගන්නා පෙරකී පරිදි තෝරාගත් සමාජජාල කණ්ඩායම සඳහා ගමන් පසුකම් සලසන්න අනුග්‍රාහකයෙකු නොමැති බව පවසා, බස් රථයක් ලබා ගැනීමට සහ ආහාර පාන සඳහා යැයි කියමින් එක් අයෙකුගෙන් රුපියල් 3000 බැගින් එකතුකර ඇත. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහරගම නගර සභාවට පොහොට්ටුවෙන් තරඟවදින දිනේෂ් ගුණවර්ධනගේ කොට්ටාව ප්‍රදේශයේ හිතවතියක් සහ ඇයගේ අතිශය හිතවන්ත සමාජජාලා ක්‍රියාකරුවෙකි. ඔහු දැනට බත්තරමුල්ල නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයේ සමාජජාලා මෙහෙයුමද කරනා අයෙකි.
මෙහිදී සිදුකර ඇති වංචාව මෙසේය.
ගමන් පහසුකම් සඳහා යැයි රුපියල් 3000 බැගින් එකතු කලද, ඒ සඳහා බස් රථයක් නොමිලේ ලබාදී ඇත්තේ සබරගමුව පලාත් සභාවේ මන්ත්‍රිවරයෙකු වන සහ පා.ම. පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා වන කංචන ජයරත්න මහතාය. ආහාර පාන සහ ඉඳුම් හිටුම් නොමිලේ සපයා ඇත්තේ තවත් මන්ත්‍රීවරයෙකු විසිනි. නමුත් ගමනට රුපියල් 3000 බැගින් එක් අයෙකුගෙන් එකතු කර ඇත. එය ප්‍රත්‍යක්ෂ කරුණකි. ඒ පිළිබඳව මේ වන විටත් මහින්ද හිතවත් සමාජජාලා ක්‍රියාකරුවන් අතරේ දැඩි මතභේදාත්මක තත්වයක් හටගෙන ඇත. ඔවුන් මහින්ද කෙරේ ඇති අපිරිමිත භක්තිය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව මුලාවේ දමමින් සිදුකරන ලද කූට ක්‍රියාව හෙලිවී ඇත. මේ ආකාරයට අවස්තා කිහිපයකිදී මෙම වංචාව සිදුකර ඇති බව හෙලිදරව් වී ඇති අතර, මැය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිණියක් වශයෙන්ද කටයුතු කරයි.
ශර්මිලා ගෝනවල නම් වූ එජාපයේ සිට පැමිණි කාන්තාවක් හා එක්ව අරඹන ලද කාන්තා සංවිධානයක සිට මහින්දට හිතවත් සමාජජාලා ක්‍රියාකාරිණියක් එක්රැස් කිරීම ඇයට පැවරී ඇති රාජකාරිය වන අතර, ශර්මිලා ගෝනවල කටයුතු කරනු ලබන්නේ 2020 ජනපති සිහිනයෙන් පෙලෙන පාඨලී චම්පික ඇමතිවරයාගේ බලල් අතක් ලෙසිනි. එම සංවිධානය ලියාපදිංචි වී ඇත්තේද දෙහිවල උපාලිවංශිකාරාමය නමින් වන අතර එහි ප්‍රධාන හිමිනම වන ගිගුම්මඩුවේ විමලබුද්ධි හිමි යනු පාඨලී චම්පිකගේ අතිශය හිතවත් හිමිනමකි.
මේ ආකාරයට මහින්ද හිතවාදීන් නොමග යවා මුදල් එක්රැස්කරමින්, රාජ්‍ය නොවන සංවිධනයන්හි අවශ්‍යතා ඉටුකරමින් පාඨලී චම්පිකගේ ජනපති සිහිනය සැබෑ කරන්නට කටයුතු කරනා මහින්දවාදී වෙස්ගෙන සිටිනා චෞර කාන්තාව පිළිබඳ අවධානයෙන් සිටින ලෙස අප ඔබට දන්වා සිටිමු.
