එකාබද්දයට කඩේ යන ශ්‍රීලනිප 05ක් දොට්ට.. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා.. – කෙහෙළිය කියයි…

එකාබද්දයට කඩේ යන ශ්‍රීලනිප 05ක් දොට්ට.. පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා.. –  කෙහෙළිය කියයි…
Spread the love

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සූදානම් වනුයේ ඒකාබද්ධ විපක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ බවත් එසේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම මඟින් අනෙකුත් මන්ත්‍රිවරුන්ගේද පක්ෂ සාමාජිකත්වය අහිමි වන බවට පණිවුඩයක් ලබාදීම ශ්‍රී ලනිපයේ අපේක්ෂාව බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වන හෙයින් පොහොට්ටුවට ඡන්දය දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවද ඔහු පැවැසුවේය.

ඊයේ (10දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.