මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….

මහින්ද සමයේ අයතා ලෙසින් මුදල් ඉපැයූ විමල්ට අධිචෝදනා….
Spread the love

අයථා ලෙස වත්කම් උපයා ගත් බවට කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට අද (11) අධිචෝදන භාර දුන්නා.

මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

නිකුත් කර තිබූ සිතාසියකට අනුව, විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. නඩුව පෙබරවාරි මස 19 වැනිදා යලි කැඳවීමට නියමිතයි.