මරික්කාර් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා – බැදුම්කරේ ගැන කියද්දී කලබල ඇයි?

මරික්කාර් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා – බැදුම්කරේ ගැන කියද්දී කලබල ඇයි?
Spread the love

බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර්ට රිදෙන්නේ ඇයි? හේතුව මෙන්න.

ඒ අන්කිසිවක් නිසා නොව ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාගේ මැදිහත්වීම මත අර්ජුන් අලෝසියස් බැදුම්කර කළු සල්ලි වලින් කොටසක් (විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි ලක්ෂ 20ක් පමණ මුදලක්) කොලොන්නාව ආසනයේ එජාප සංවිධායක එස්.එම් මරික්කාර් මහතා වෙත ලබාදී ඇති අතර ඒ සදහා කපුකම කර ඇත්තේ කබීර් හෂීම් සහ රවි කරුණානායක බව සදහන්.

මේ අණුව අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල්  මෙම කබීර් හෂීම් ඇමති තුමන්ගේ මස්සිනා වූ රිකාස් හුසේන් මගින් මරික්කාර් මහතා ලබාගෙන ඇත.අදාල මුදල් වලින් ප්‍රදේශයේ විහාරස්ථාන වලට පුටු ලබාදීම සහ අක්ෂි කාච ලබාදීම සදහා පක්ෂයේ ප්‍රාදේශිය නායකයන්ට මේ මුදල් බෙදාහැර ඇත. අර්ජුන්ගේ කළු සල්ලි වල අවමානය වසන්නට පන්සල් වලට ලබාදී තම දේශපාලණ සුචරිත බව ආරක්ෂා කිරිමට මරික්කාර් මහතා දැරු අසික්කිත උත්සහය එලිදරවු වීමත් සමග එජාපය තුල ඇතිවු අර්බුදය තවත් වර්ධනය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත සනාථ වී ඇත. .මේ තොරතුරු එළිවීමත් සමඟ ලබන 26 වනදා පැවැත්වීමට නියමිත කොලොන්නාව එජාප බල මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බවට ප්‍රාදේශිය දේශපාලන නායකයින් කිහිප පොලක්ම සදහන් කර ඇත. කළු සල්ලි සුදු කරන්නට උත්සහ දරන පන්සලට රිංගා ගෙන සුදනා වෙන්නට වෙර දරන එස්.එම් මරික්කාර් හරිනම් තම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය. ඒත් බලයට ඇති කෑදර කම  උදෙසාම ජනතාව රවට්ටා ජනතාවගේ දුක් සුසුම් වලින් සුරසැප විඳින මෙවන් දූෂිත ඇමතිවරුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නයකි.

මරික්කාර් මේ දිනවල පිස්සෙක් මෙන් හැසිරෙන්නේ මේ සත්‍යය ජනතාව වෙත ගියහොත් තමනට මුහුණදීමට සිදුවන දේශපාලන හා නෛතික තත්වය පිලිබදව ඉතා හොදින් වටහාගෙන වන අතර ඔහුගේ අරමුණ අන් කිසිවක් නොව බැදුම්කර පරීක්ෂණ කෙසේ හෝ යටපත් කිරීමය…