ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා

ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා
Spread the love

බැඳුම්කර වංඡාව ගැන සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ලැබිමත් සමගම පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටතත් මහජනයා අතරත් ඇත්තේ දැඩි නොසන්සුන්තාවයකි.ඒ අතර අද(17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් මෙසේ කියා සිටියේය.

‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද(17) ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ  සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘