STF ආරක්ෂාව සහිතව මනෝ ගනේෂන් පාතාලය සමග ගනුදෙනු කරයි

STF ආරක්ෂාව සහිතව මනෝ ගනේෂන් පාතාලය සමග ගනුදෙනු කරයි
Spread the love

රටේ නමගිය අපරාධකරුවෙකු වන මෝදර වැල්ලේ පාතාල ඒකාධිකාරය හිමි වැල්ලේ සුරංගගේ සහයෙන් ඇමති මනෝ ගනේෂන් කොළඹ අවට භීෂණය පතුරවන බව දැනගන්නට ඇත. එක්වරක් නෙත් එෆ්එම් බැලුම්ගල තුලින්ද මෙම මෝදර වැල්ලේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ අනාවරණයක් සිදුකරන ලද අතර, එහි පාතාල ඒකාධිකාරය පතුරවන මනෝ ගනේෂන්ගේ හිතවතා පිළිබඳව තොරතුරු හෙලිදරව් කෙරිණි.

දැනට පවතින පාලාත් පාලන මැතිවරනයෙහි ක්‍රියාකාරකම් අරභයා වැල්ලේ සුරංග නැමති පාතාල සාමාජිකයා ඉඳුරාම මනෝ ගනේෂන් වෙත සහය දක්වන බව තොරතුරු ලැබී ඇත. කොළඹ මහා නගර සභාව සඳහා මනෝගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ තුලින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් කුඩු, ගංජා ජාවාරම්කරුවන් බවත්, තවත් සමහර පුද්ගලයින් විවිධ දූෂණ අපරාධ සඳහා නමගිය අයවලුන් වන බවද සඳහන් වේ. කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුල මනෝ ගනේෂන්ගේ අපේක්ෂකයන් ජාතිවාදය අවුලුවමින් දමිල ජනතාවගේ ඡන්ද මංකොල්ලයක නිරත වන බව දැන ගන්නට ඇත.

තමන්ට පාතාල තර්ජන ඇතැයි STF ආරක්ෂාවද ලබාගෙන මනෝ ගනේෂන් සිදුකරනා මුලාව නිසා රටේ ජනපතිවරයාටද චෝදනා එල්ල වෙමින් පවතී. එසේම භීෂණයක් නැති රටක මනෝ ගනේෂන්ට පමණක් STF ආරක්ෂාව ලබාදීම හරහා රටේ ජනතාවට භීෂණයේ සෙවණැලි පෙනෙන්නට පටන්ගෙන ඇත. යහපාලනයක් තුලින් නිදහස් සමාජයක් උරුම කල බැව් ජනපතිවරයා නිතර පැවසුවද එය යථාර්ථයක් නොවන බව මෙවන් සිද්ධීන් හරහා තේරුම් යයි. සමහර ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සිය ආරක්ෂාව ඉවත් කරමින් නිදහසේ සමාජය තුල ඇවිද ගියද එදා සිට ජාතිවාදය පැතිරවූ, කොළඹ පාතාලය සමග ගනුදෙනු කරනා මනෝ ගනේෂන් වැනි අයට ආරක්ෂාවක් කුමටදැයි ප්‍රශ්ණකල යුතුව ඇත.

Voice of Ceylon