ගම්මන්පිලට එරෙහිව ඇති වංචා නඩුවට සාක්ෂි කරුවන් 20ක් හා ලේඛන 14 ක්

ගම්මන්පිලට එරෙහිව ඇති වංචා නඩුවට සාක්ෂි කරුවන් 20ක් හා ලේඛන 14 ක්
Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි   මූල්‍ය වංචා නඩුවට අදාළව සාක්ෂිකරුවන් 20 දෙනකු ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

බ්‍රයන් රොස් ෂැඩික් මහතා හා ජැනට් එලිසබෙත් ෂැඩික් මහත්මිය ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස  සේවය කළ වකවානුවේ  අත්සන් නොකළ බව දනිමින්ම හා ඔවුන් අත්සන් කළ බවට විශ්වාස කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවව්‍යාජ ලෙස සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක්ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා එක් නඩුවක් පවරා තිබූ අතරවර්ෂ 2000 ජූලි මස 27 දින හෝ ඊට ආසන්න දිනයකදීඩිජිටල් නොමිනීස් සමාගම විසින් මිලදීගෙන තිබූ කොළඹ පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි ද තවත් නඩුවක් නීතිපතිවරයා විසින් පවරා තිබුණු අතර මෙම නඩුව සනාථ කිරීමට සාක්ෂිකරුවන් 20ක් සහ ලේඛනයන් 14ක් ඉදිරිපත් කරන බව ද නීතිපති විසින් අධිකරණයට දැනුම් දී ඇත.