ජනාධිපති කොමසම මගින් ලබාදුන් බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නොමැති බව හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (19දා) අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
එහිදී “යම් අය වෙවුලන්න පටන් අරගෙන තිබෙනවා. චරිත ඝාතනය කළා කියලා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නේ නෑ. සියලු දෙවිවරු අපිව ආරක්ෂා කරනවා. මෙහයුම රට සුද්ධ කිරීමටද? විධායකය අහෝසි කිරීමටද?” යනුවෙන් ඔහු විසින් වැඩි දුරටත් කියා සිටියේය.
