අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි

අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි
Spread the love

 

වැල්ලවායේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක ජන රැළියක් අමතමින් මහ බැංකු බැදුම්කරවල බරපතලම වංචා දුෂණ සිදු වී ඇත්තේ 2008 අවුරුද්දේ සිට බව මහ බැංකු බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිිවම ඇති බව  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේය.

ශ‍්‍රිලනිපයට විරුද්දව වෙනත් පක්‍ෂයක් හදාගෙන 2015ට කලින් සිටි තත්වයට ආපසු යමු යයි කියන්නේ මන්දැයි ජනාධිපතිවරයා එහිදී මෙසේ පැහැදිලි කලේය.”ආපසු හැරුණොත් බැංකු මංකොල්ලයේ වැරදිකාරයන්ට දඬුවම් දීල ඉවරයි. ආපහු හැරුනොත් හොරු අල්ලල ඉවරයි. ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි ආපහු හැරෙමු කියල “