පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්
Spread the love

රටට, ජනතාවට හිතකර ආකාරයට රට පාලනය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එලැඹෙන පළාත් පාළන මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ  ක‍ළේය.

පක්ෂ දෙකක් එකතු වී යහපාලන ආණ්ඩුවක් ලෙස ක්‍රියාත්මක වන නිසා අදාළ සංශෝධනවලදී කිසිදු පක්ෂයකට ගැටලුවක් ඇති නොවන ආකාරයට මෙය සිදුවිය හැකි බවද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.