නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පොහොට්ටුව දැමූ පෙත්සම් 6ක් ඉල්ලා අස්කර ගනී

නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පොහොට්ටුව දැමූ පෙත්සම් 6ක් ඉල්ලා අස්කර ගනී
Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ , වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර  ප්‍රතික්ෂේප වීම හේතුවෙන්  ඊට එරෙහිව  අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින් අද (24) ඉල්ලා අස් කර ගන්නා ලදී.ඒ මෙම කරුණ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් ⁣ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 ම  ,  පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති  බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ  විසින් විභාගයට නොගෙනම ඉවත දැමීම හේතුවෙනි. 

අභියාචනාධිකරණය සභාපති විනසුරු  ප්‍රීති පද්මන් සූරසේන විනිසුරු මඩුල්ල හමුවේ  අද  මෙම පෙත්සම කැදවූ අතර එහිදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම පෙත්සම් ඉල්ලා අස් කර ගන්නා ලදී.