ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව සඳහා සභිකයින් 4 දෙනෙකු තෝරා පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැපී පෙනෙන ජයග‍්‍රහණයක් හිමි කර ගෙන තිබෙනවා.
සභික ධූර 4ම හිමි කර ගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් තරග කළ අපේක්ෂකයන් විසින්. ඒ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය හැරිස් පතිරගේ සහ වෛද්‍ය නවීන්ද සොයිසා යන අයයි.
ඊයේ (24) සහ පෙරේදා (23) පැවැති මෙම ඡන්ද විමසිමේදී වෛද්‍යවරුන් 13 දෙනෙකු තරග වැදුනා. එහිදී ඡන්දය ප‍්‍රකාශ කළේ රට පුරා වෛද්‍යවරුන් 8,000 කට ආසන්න පිරිසකුයි.
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 6,254ක්. වෛද්‍ය නලින්ද හේරත් ඡන්ද 5,676 ක්ද, වෛද්‍ය හැරිස් පතිරගේ ඡන්ද 5,250ක් සහ වෛද්‍ය නවීන්ද සොයිසා ඡන්ද 5, 117 ක්ද ලබා ගෙන තිබෙනවා. මෙම සභිකයන් සඳහා හිමිවන ධූර කාලය වසර 5ක්.
මේ අතර වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප‍්‍රමිතීන් ලබන 27 වනදා ගැසට් කරන බව රජය ඊයේ නිවේදනය කළා. කෙසේ වෙතත් එම අවම ප‍්‍රමිතීන් පිළිබඳ තමන් තවමත් දැනුවත්ව නොමැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ඊට අදාළව සිය මතය ඉදිරියේදී ප‍්‍රකාශ කරන බවද එහි නිලධාරීන් පැවසුවා.
සයිටම් ආයතනය අහෝසි කිරීමෙන් අනතුරුව පිහිටුවන ලබන විකල්ප ආයතන 2 සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයිද රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම ආයතන දෙකෙන් පළමුවැන්න සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් පමණක් පිහිටුවනු ලබනවා. අනෙක් ආයතනය පිහිටුවනු ලබන්නේ රාජ්‍ය නොවන සහ ලාභ නොලබන උපාධි ප‍්‍රධානය කිරීමේ බලය සහිත එකක් ලෙසයි. ලබන වසරේ සිට එහි මෙහෙයුම් ආරම්භ කරන බවද රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

